දිවයිනේ ප්‍රමුඛතම පළාත හා වැඩිම ආදායම්ක් රැස් කරනු ලබන බස්නාහිර    පළාතෙහි   මහජනතාවට   හා    බදු   ගෙවන්නන්ට කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් නව වෙබ් අඩවියක් නිර්මාණ කිරීමට හැකිවීම පිළිබදව බෙහෙවින් සතුටුවෙමි.

විශේෂයෙන් මෑතකදී රජය විසින් ජනතාවට තොරතුරු ලබාගැනීමේ අයිතිය සාක්ෂාත් කරදීම සදහා සම්මත කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනතේ අරමුණු හා අභිලාශයන් වඩාත් ඵලදායී ලෙස ඉටුකර දීමට මේ තුලින් හැකිවෙතැයි අපේක්ෂා කරමි.

තවද බස්නාහිර පළාතේ සංවර්ධනය වෙනුවෙන් නිරන්තරයෙන් පළාතේ බදු ගෙවන ජනතාව විසින් සිදු කරනු ලබන කැපවීම හා දායකත්වය ඉතා කෘතවේදීව සිහිපත් කරමි. ඉදිරියේදී ද බදුගෙවන්නන් වෙනුවෙන් කාර්යක්ෂම හා සඵලදායී සේවාවක් ලබාදෙමින් පළාතේ ආදායම් රැස්කර ආර්ථික හා සමාජ සංවර්ධනය  උදෙසා බස්නාහිර පළාත්  සභාව සවිබල ගැන්වීමට පළාත් ආදායම් දෙපාර්තමේන්තුවට මේ තුලින් හැකි වෙතැයි විශ්වාස කරමි.

 

Leave a Reply

Your email address will not be published.

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

clear formSubmit