Stamp Duty Opinion System URL http://www.sdop.wp.gov.lk
දිවයිනේ ප්‍රමුඛතම පළාත හා වැඩිම ආදායම්ක් රැස් කරනු ලබන බස්නාහිර පළාතෙහි මහජනතාවට හා බදු ගෙවන්නන්ට කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් නව වෙබ් අඩවියක් නිර්මාණ කිරීමට හැකිවීම පිළිබදව බෙහෙවින් සතුටුවෙමි.
මාර්ග සිතියම

පුවත්
දැන්වීම්
මෙහෙවර
බස්නාහිර පළාත තුළ ජන ජීවිතය ඉහළ නැංවීමෙහිලා සැලසුම් කරනු ලබන ආර්ථික, සාමාජීය හා දේශපාලනික උපනතීන් සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය වන බදු , ගාස්තු සහ වෙනත් ආදායම් රැස්කිරීම පළාත් ආදායම් දෙපාර්තමේන්තුවට පැවරී ඇති මෙහෙවර වන්නේය. මෙම මෙහෙවර ඉටු කිරීමට සමස්ථ කාර්ය මණ්ඩලය එක්සත්ව කැපවී සිටී.
අරමුණු
බස්නාහිර පළාතේ 1990 අංක 06 දරන මුදල් ප්‍රඥප්තිය, 1994 අංක 04 දරන උසාවි දඩ මුදල් හා දඩ පැවරීම සඳහා වූ ප්‍රඥප්තිය, , 2010 අංක 04 දරන මුද්දර ගාස්තු පැවරීමේ ප්‍රඥප්තිය 2012 අංක 02 දරන ඛනිජ බදු ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම හා මධ්‍යම රජය විසින් ප්‍රේෂණය කරනු ලබන ජාතිය ගොඩනැගීමේ බදු ආදායම හා මුද්දර ගාස්තු ආදායම රැස්කිරීම හා අධීක්ෂණය කිරීම.
කොමසාරිස්තුමාට පණිවිඩයක්
වෙනත් සැබදුම්
ප්‍රධාන කාර්යන්
- හිඟ පිරිවැටුම් බදු අයකිරීම
- බස්නාහිර පළාත තුළ පිහිටි නිශ්චල දේපළ පැවරීමේදී ගෙවිය යුතු මුද්දර ගාස්තු අයකිරීම.
- දේපළ පැවරීමේදී එම දේපළේ වෙළඳපළ වටිනාකම පිළිබද තක්සේරැකරැගේ මතය ලබාදිම හා නිවැරදිව මුද්දර ගාස්තු ගෙවා ඇති බවට ඔප්පු සහතික කරදීම.
- දේපළේ වෙළඳ වටිනාකම අඩුවෙන් සඳහන් කර ඇති ඔප්පු පරීක්ෂාකර අතිරේක මුද්දර ගාස්තු අයකිරිම.
- බස්නාහිර පළාත තුළ පවත්වනු ලබන තෑගි තරඟ වෙනුවෙන් ගෙවියයුතු බදු අයකිරීම.
Last updated: September 1, 2021 at 18:05 pm