මුද්දර ගාස්තු බද්ද

1990 අංක 6 දරණ බස්නාහිර පළාතේ මුදල් ප්‍රඥප්තිය මගින් ක්‍රියාත්මක කෙරේ. (1991 ජනවාරි 01 සිට)

  1. මුද්දර ගාස්තු පැනවීම :-
  2. බස්නාහිර පළාතේ පිහිටි නිෂ්චල දේපල පැවරීමකදී අදාල වන සාධන පත්‍ර සඳහා
  3. බස්නාහිර පළාතේ යම් අධිකරණයක පවරනු ලබන නඩු කටයුතු වලදී ඉදිරිපත් කරනු ලබන සෑම

ලේඛනයක් සඳහා.

  1. බස්නාහිර පළාත තුලදී මෝටර්රථයක අයිතිය පිළිබදව කරනු ලබන පැවරීමක් සඳහා.

බස්නාහිර පළාතේ ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිශ්චල දේපල පැවරීම පිළිබඳ සාධන පත්‍ර

සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබේ.

 

  1. මුද්දර ගාස්තුවෙන් නිදහස් ලේඛණ හා සාධන පත්‍ර :-

අපරාධ නඩුවල ඇප ඔප්පු, ආණ්ඩුව විසින් හෝ යම් තැනැත්තෙකු විසින් ආණ්ඩු සඳහා/ආණ්ඩුව වෙනුවෙන් යම් නිශ්චල දේපලක් / මෝටර් රථයක් පැවරීම, ආණ්ඩුව විසින් ගෙවිය යුතු වන ආණ්ඩුව විසින් / ආණ්ඩුව වෙනුවෙන් / ආණ්ඩුව නමට ලියා අත්සන් කළ සාධන පත්‍ර, 76(2) වගන්තිය යටතේ බලපාන යම් රටක් විසින් / වෙනුවෙන් / නමට ලියා අත්සන් කරන සාධන පත්‍ර, නොතාරිස් වරයෙකු සහතික කළ අන්තිම කැමති පත්‍ර හෝ කොඩිසිල් පත්‍ර සහ නඩු කටයුතු වලදී ඉදිරිපත් කරනු ලබන ඇතැම් ලේඛන, (රජයේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලේඛන, දිළින්දෙකු වශයෙන් ඉදිරිපත් වන තැනැත්තෙකු විසින් ඉදිරිපත් කරනු ලබන ලේඛන, වරෙන්තු, මෝසම් ආදිය)

 

                        මුද්දර ගාස්තු බදු අනුපාතය

 

  • විකිණීමකදී –

නිශ්චල දේපලේ වටිනාකමෙන් මුල් රු 100000/= හෝ ඉන් කොටසකට     –     3%

ඉතිරි වටිනාකම මත                                                                                    –     4%

  • ත්‍යාගයකදී –

ත්‍යාග කරනු ලබන නිශ්චල දේපලේ නියමිත වටිනාකමෙන්

මුල් රු 50000/= හෝ ඉන් කොටසකට                                                        –     3%

ඉතිරි වටිනාකම මත                                                                                    –     2%

මෙම අනුප්‍රමාණයන් ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කර ඇත. (අංක 637/8-1990.11.20 දින)

 

  මුද්දර ගාස්තු බදු තක්සේරුව

  • විකිණීමකදී – එම දේපළ විවෘත වෙළඳ පොලේ විකිණිය හැකි මිල (තක්සේරුකරුගේ මතය අනුව)
  • ත්‍යාගයකදී – තක්සේරුකරුගේ මතය අනුව අත්පත් කරගත් දිනට වූ වටිනාකමට එදිනට පසුව කරන ලද එකතු කිරීම් වල හා වැඩි දියුණු කිරීම් වල වටිනාකම එකතු කිරීමෙන් ලැබෙන වටිනාකම හෝ එකී දේපල විවෘත වෙළඳ පොලේ විකිණීමෙන් ලද හැකි වටිනාකම යන දෙකෙන් අඩු වටිනාකම වේ. අත්පත් කරගත් දිනයේ කඩයිම් දිනය 1977.03.31 වේ.

 

      බාගතකිරීම්

circiularsstatuesgazzetsform_icon5

පනත්        ප්‍රඥප්ති          ගැසට්                අයදුම් පත්‍ර

Leave a Reply

Your email address will not be published.

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

clear formSubmit